Sunday, August 17, 2014

බලන්න මේ පුංචි රොබෝ යන්ත්‍ර දහස් ගණනක් 

එකතු 

වෙලා මොකක්ද කරන්න යන්නේ කියල...




මී මැසි පොදියක් සේ එකට එක්ව අපූරු රටා මවන මේ රොබෝ යන්ත්‍ර හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් තමයි නිපදවල තියෙන්නේ..

සෛල මිලියන ගණනක් එකට එකතු වී සිතාගැනීමට වත් අපහසු  සංකීර්ණ ක්‍රියාවලීන් ඉටුකරන අවයව මෙන්ම තනි තනිව ගත් විට ඉතාම සරල පුංචි රොබෝ යන්ත්‍ර එකිනෙකා අතර සන්නිවේදනය කරමින් මේ කරන හපන්කම ඇති විශිෂ්ටයි..

පර්යේෂකයන්ගේ අරමුණ වන්නේ රොබෝ යන්ත්‍ර වල සාමුහික ක්‍රියාවලීන් අධ්‍යනය කිරීමට,වැඩි දියුණු කිරීමට මෙම රොබෝ යන්ත්‍ර කට්ටලය යොදාගැනීම ප්‍රචලිත කිරීමයි...එමගින් එවැනි පර්යේෂණ සදහා වැයවන අධික පිරිවැයක් ඉතිරි කරගත හැකි බවයි  ඔවුන්ගේ අදහස..

වැදගත්ම කරුණ මෙම රොබෝවන්ගේ ක්‍රියාකලාපයට නිරන්තර මැදිහත්වීමක් හෝ උපදෙස් ලබාදීමක් අවශ්‍ය නොවීමයි.ආරම්භයේදී ලබාදෙන දත්ත හා උපදෙස් අනුව රොබෝ යන්ත්‍ර හතරක් ඛණ්ඩාංක පද්ධතිය පිහිටුවන අතර අනෙකුත් රොබෝවන් ද්විමාන චයරුපයකට අනුරූපව ප්‍රථමික චලන සිදුකරමින් සාපේක්ෂ දුර සැලකිල්ලට ගනිමින් අදාල ක්‍රියාවලිය සිදුකරයි..

මෙම තාක්ෂණය ඉදිරි අනාගත ජනජීවිතයට කුමන ආකාරයෙන් බලපෑම් කරයිද යන චකිතයක් ඔබේ සිතටද නැගෙනවානම් එය පුදුමයක් නොවේ..!

No comments:

Post a Comment