Saturday, January 24, 2015

ඉදිකිරීම් ක්ෂේත්‍රයට රොබෝ drone යානා



ස්විස්ටර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් පිරිසක් සාමාන්‍ය ආකාර වලින් ළඟා වීමට අසීරු උසින් වැඩි ස්ථාන වල ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට හැකි  රොබෝ යානා විශේෂයක් නිෂ්පාදනය කර ඇත.

රැහැන් මුලාශ්‍ර කරගෙන සිදුකරන ඉදිකිරීම්  සඳහා මේවායේ සහය ලබාගත හැකිවේ.යානයේ මැද කොටසේ අවශ්‍ය රැහැන් දඟරයක් ඇති අතර යානයේ භ්‍රමණය වීම සහ ඕනෑ ම දිශාවකට සිදුකරන චලන මඟින් මකුළු දැල් බඳින ආකාරයට ඒවා විවීම සිදු කරයි.භූමිය සමඟ කිසිදු ආකාරයක භෞතික සම්බන්ධතාවක් නොමැති බවත්, එම නිසා යන්ත්‍රයට පවතින ගොඩනැගිලි අංගෝපාංග තුලට,ඒවා වටා ආදී වශයෙන් අවශ්‍ය ඕනෑම ස්ථානයකට ගමන් කිරීමට  අවකාශය පවතින බව පර්යේෂකයන් පවසනවා. ඒවායේ කටයුතු සඳහා අවශ්‍ය සියළු විධාන පාලක පරිඝනක යන්ත්‍රයක් හරහා ලබාදේ.

ඉතාමත් උසින් වැඩි ගොඩනැගිලි අතර පාලමක් හෝ එවැනි ආකාරයේ සම්බන්ධතාවක් වැනි යමක් ඉදිකිරීමට මෙම තාක්ෂනය යොදා ගත හැකි වේයැයි ඔවුන්  විශ්වාසය පලකරනවා.මේ වන විට යම් යම් සිමාකාරී තත්වයන් පැවතියත් ගුවන්ගත රොබෝ  තාක්ෂණයේ ප්‍රගමනයත් සමඟ එම තත්වයන් මඟ හැරෙනු ඇති බවයි පැවසෙන්නේ.



Friday, January 23, 2015

A chair that folds down to the size of a beer can

බියර් කෑන් එකක් ගානට හැකිලෙන පුටුවක්





ඩෙන්මාර්ක් ජාතික ව්යවසායකයින් දෙදෙනකු එළිමහන් සංගීත ප්‍රසංගයක පැය ගණනක් සිටගෙන සිටින අතර වාරයේ මෙවැනි අවස්ථාවකට ගැලපෙන පුටුවක් ගැන සිතන්නට පටන් ගෙන තිබෙනවා.හකුලාගෙන තැන තැන රැගෙන  යා හැකි පුටු වර්ග සාමාන්‍ය භාවිතයේ තිබෙන නමුත් ඒ  කිසිවක් මෙවැනි අවස්ථාවකට නොගැලපේ.සාමාන්‍යයෙන් එවැන්නක් රැගෙන යන්නාත් සමච්චලයට ලක්වී පුටුවත් කුණු කූඩෙට දමා එන්නට සිදුවෙනවා නොඅනුමානයි. 

ඒ අනුව නිර්මාණය වූ මෙම පුටුව බැලූ බැල්මටනම් පුටුවක් වගේ නෙවෙයි.බියර් කෑන් එකක ප්‍රමාණයට හකුලාගෙන සාක්කුවේ ගෙන යන්නට හැකි ආකාරයෙන් මෙය නිමවා තිබෙනවා.දිගුවේලාවක් හිටගෙන සිටීමට වෙන ඕනෑම අවස්ථාවක මෙය බෙහෙවින් ම උපකාරී වෙනු ඇති බව නිර්මාපකයන්ගේ අදහසයි.විශේෂයෙන් පෙම්වතිය එනතුරු තැන් තැන් වලට වෙලා මඟ බලන් ඉන්න අපේ යාලුවන්ටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.  :D

Tuesday, November 25, 2014

Giant truck breaks a world record by jumping over a F1 race car

ලෝක වාර්ථා අතරට එක්වූ දැවැන්ත ට්‍රක් රථ පිම්ම...




වේගයෙන් ධාවනයේ යෙදෙන F1 මෝටර් රථයට ඉහලින් අඩි 83 සහ අඟල් 7 ක දුරකට සිදුකළ මෙම පිම්ම එම ආකාරයේ දීර්ඝත ම  පිම්ම ලෙස පසුගිය දා ලෝක වාර්තා පොතට එක්වුණා.

මෙය ලෝටස් F1 ධාවන කණ්ඩායමේ තාක්ෂණික අනුග්‍රාහකත්වය දරණ EMC ටෙක්නොලොජි ආයතනයේ ප්‍රචාරක වැඩ පිලිවෙලිහි එක අංගයක් ලෙස සිදුකරනු ලැබූවක්.

 මෙම ක්‍රියාදාමය සදහා 2013 වසරේ ලෝටස් කණ්ඩායම භාවිතා කරන ලද ෆෝමියුලා 1 මෝටර් රථ මාදිලිය සහ රෙනොල්ඩ් ට්‍රක් රථ මාදිලියක් යොදා ගෙන ඇත.

සුළු වැරදීමකින් මෝටර් රථ ධාවකයට අත්වීමට  ඉරණම මොහොතකට සිහියට නඟාගත් විට මෙහි අතිශය ත්‍රාසජනක ස්වභාවය ඔබට හොදින් දැනේවි..

Saturday, August 23, 2014

Story behind the Ice Bucket Challenge

මොකක් ද මේ අයිස් බකට් චැලේන්ජ් එක ?




ඇමෙරිකාවේ හිටපු ජනධිපති ජෝර්ජ් බුෂ්,මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ආදී අතිශය ජනප්‍රිය පුද්ගලයන් ඇතුළු විශාල දෙනෙක් හිසට අයිස් වතුර බාල්දි හලා ගනිමින් තවත් පුද්ගයන්ට එසේ කරන ලෙස අභියෝග කරන ආකාරය ඔබද මේ වන විට යූ ටියුබ් හෝ ෆේස්බුක් වැනි සමාජ ජාල හෝ හරහා අහන්නට දකින්නට ඇති.

අන්තර් ජාලයේ සුවිශාල ප්‍රසිද්ධියක් ලද මෙම ක්‍රියාවලිය ALS නමැති ස්නායු රෝගී තත්ත්වයක් පිළිබඳව අවදානය යොමු කරවීමේ හා එම තත්ත්වය ට පිළියම් සොයන පර්යේෂණ කටයුතු වෙනුවෙන් ආධාර මුදල් ලබාදීම ට ජනතාව පෙලබවීමේ අභිප්‍රායෙන් සිදුකරන ලද්දක්.අවුරුදු විසිනවයක් වයසැති පීටර් ෆ්රේට්ස් (Peter Frates) 2012 වසරේ සිට මෙම රෝගී තත්වයෙන් පෙලෙන ඇමෙරිකාවේ බොස්ටන් විද්‍යාලයේ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙක්.ALS වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම සංකල්පය ෆේස්බුක් හා ට්විටර් වෙබ් අඩවි වල ව්‍යාප්ත  කරවීමට මුලික වී ඇත්තේ ෆ්රේට්ස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්. ALS සංවිධානය ඇද දිනය (23) වන විට මේ හරහා උපයාගත් මුදල් ප්‍රමානය ඩොලර් මිලියන 62.5 ක්.ඔවුන් සදහන් කරන ආකාරයට නව දායකයන් මිලියන 1.2 ක් පමණ ආධාර මුදල් ලබාදීමට පෙලබී තිබෙනවා. 

ALS එහෙම නැත්නම් එමියොට්‍රොෆික් ලැටරල් ස්ක්ලේරෝසිස් (Amyotrophic Lateral Sclerosis) කියල කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදුකරන භයානක ස්නායු රෝගී තත්ත්වයක්.මෙම රෝගී තත්ත්වය ඇති වූ විට මොළයේ සහ ශුසුම්නාවේ ස්නායු සෛල වල ශීග්‍ර ක්ෂය වීමක් සිදුවෙනවා. මෙහි දී සිදුවන චාලක ස්නායු ක්ෂය වීම හේතුවෙන් රෝගීන් මියයාමේ දරුණු අවදානමක් තිබෙනවා.චාලක ස්නායු මිය යාම නිසා ස්නායු පද්ධතියට මාංශ පේශීන් පාලනය කිරීමේ හැකියාව අහිමි වන අතර මේ හේතුවෙන් රෝගය උත්සන්න වූ පුද්ගයන් අංශභාග තත්වයකට ඇද වැටෙනවා.

මෙම රෝගයට නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැති අතර ඒ පිලිබඳ පර්යේෂණ දිගින් දිගටම සිදුවෙනවා.ඇමෙරිකාවේ පිහිටා ඇති  ALS සංවිධානය මේ වෙනුවෙන් ම කැපවූ ප්‍රධාත ම සංවිධානයක්.ඔවුන් ගේ පර්යේෂණ කටයුතු වලට වැයවෙන දැවැන්ත මුදල් ප්‍රමාණය සොයා ගැනීමට මහජනයාගෙන් ලැබෙන අරමුදල් විශාල වශයෙන් උපකාරී වෙනවා.

කෙසේ නමුත් මෙසේ උපයගන්නා ධනස්කන්ධය අර්ථාන්විත ව ප්‍රයෝජනයට ගනීදැයි  යන සැකයද සමහර දෙනෙක් තුල තිබෙනවා .එසේම  ALS සංවිධානය සතුන් යොදාගෙන පර්යේෂණ සිදුකර ඇති බවට කෙරෙන  චෝදනා  හේතුවෙන් මෙම කාර්ය සඳහා තමන් සහභාගී නොවන බව ජනප්‍රිය නිලි පැමලා ඇන්ඩර්සන් පවසා තිබුණා. 

Wednesday, August 20, 2014

Real Cars Talking to each Other ? :O

සැබෑ ලෝකයේත් කතා කරන කාර් ?


මේ කතාව වාර්තා වෙන්නේ  අමෙරිකාවෙන්...මෙච්චර කාලෙකට අපිට කතා කරන කාර් ගැන අහන්න ලැබුණේ චිත්‍රපට එහෙම නැත්නම් ටෙලි කතා මාලා වලින් පමණයිනෙ.එත් ඉතින් මේවා ගැන අහන කොට සැබෑ ලෝකෙත් එහෙම දේවල් වෙන්න බැරිම නෑ නේද කියල හිතෙනවා..

පසුගිය සඳුදා (18) ඇමෙරිකාව ප්‍රකාශ කරලා තියෙනව මෝටර් රථ හා සැහැල්ලු ට්‍රක් රථ සඳහා එකිනෙක අතර සන්නිවේදනය කරමින් අනතුරු අවම කර ගැනීමේ හැකියාව සහිත තාක්ෂණික පද්ධතියක් අන්තර්ගත කිරීමේ මුලික කටයුතු සිදුකරනව කියල.

එම පද්ධතිය පිහිටුවා ඇති රථවාහන වල එකිනෙකට සාපේක්ෂව පිහිටුවම, වේගය සහ අනෙකුත් වැදගත්වන සියළු දත්තයන් එකිනෙක අතර හුවමාරු කරගෙන, හදිසි තත්වයකදී රියදුරු දැනුවත් කර ඉතා ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පෙලබවවීම තමයි මූලිකව සිදු වන්නේ.. ඔවුන්ගේ ඇස්තමේන්තු වලට අනුව වමට හැරවීමේදී හා මං සන්ධි වලදී සිදුවන අනතරු 592,000 ක් වැනි ඇති විශාල සංඛ්‍යාවක් මේ ක්‍රියාවලිය මඟින් වලක්වා ගන්න පුළුවන්..

HTC One M8 වින්ඩෝස් සංස්කරණය එළිදක්වයි ...




HTC One M8 කියන්නේ ඉතාමත් ඉහල පැසසුමට ලක් වුණ android  SmartPhone මාදිලියක්..එහි Windows Phone 8.1 සංස්කරණය ඊයේ(19) එළිදැක්වුණා..මේ එළිදැක්වීම කරලා තියෙන්නේ එහි තාක්ෂණික උපාංග හා සේවා සහිත වින්ඩෝස් දුරකතනයක් පිළිබඳව ලැබුණු පාරිභෝගික ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ..  

මෙම වසරේ මුල් භාගයේ එළිදැක් වූ M8 මාදිලියේ දෘඩාංග හෝ වෙනත් තාක්ෂණික වෙනස් කම් වලින් තොරව android මෙහෙයුම් පද්ධතිය හා HTC Sense අතුරුමුහුණත ඉවත් කිරීමක් තමයි ප්‍රධාන වශයෙන්ම සිදුකරලා තියෙන්නේ.. 

M8 හි අන්තර්ගත ව පවතින Qualcomm Snapdragon ප්‍රොසෙසරය, 2 GB RAM ,32 GB ධාරිතාවය පෙර පැවති පරිදිම නොවෙනස්ව පවතිනවා..1080p විභේධනයක් සහිත අගල් පහක තිරය, BoomSound ස්පීකර් පද්ධතිය, පිටුපස ද්විත්ව කැමරා පද්ධතිය, ඉදිරිපස කැමරාව ආදිය android මාදිලියේ ඇති පරිදිම කිසිදු වෙනසක් නොමැතිව ඔබ අතට පත්වෙනවා...

වින්ඩෝස් සමාගමේ අනුමැතිය සහිත මෙම දුරකතනය ට  Windows 8.1 Phone  නවතම සංස්කරණය සමඟින් එහි අඩංගු වැඩිදියුණු කළ අංග ගණනාවක් එක්කරල තියෙනව කියල තමයි දැනගන්නට ලැබෙන්නේ...

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ස්වභාවයට අනන්‍ය අතුරු මුහුණත  ක් මෙහි නිර්මාණය කර තිබුනත් ඔබට හුරුපුරුදු android මාදිලියේ ස්වරූපය ප්‍රතිනිර්මාණය කර ගැනීමට BlinkFeed නමින් app එකක් ද  එක්කරන්න ඔවුන් අමතක කරලා නෑ...

M8 android මාදිලියට ලැබුණු ආකාරයේම ඉහල පාරිභෝගික ප්‍රතිචාරයක් ලැබෙයි කියල HTC සමාගම විශ්වාස කරනවා...

Monday, August 18, 2014

Ignore No More ! පුතා ට පාඩමක් උගන්නන්න අම්මගෙන් අමුතුම විදියේ Android App එකක්... 

ඇමරිකානු ජාතික මවක වන ඇය තම පුතාගේ ක්‍රියාකලාපය ගැන හොදටම කලකිරිලා තමයි මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ...මේ පුතා අම්මගේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන්නෙම නැති තරම්, එක්කෝ ඒ ගොඩක් පරක්කු වෙලා...


මේ අම්මත් යුධ හමුදාවේ සේවය කරලා එහෙම ටිකක් රළු පරළු ගති පැවතුම් වලට පුරුදු එක්කෙනෙක්..අම්මට ඕන වෙලා තියෙන්නේ එයාගේ ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් පුතාගේ දුරකථනය එයාට මුකුත් කරගන්න බැරි වෙන්න ලොක් කරලා දාන්න...

මේ අදහස Android යෙදවුම් විශේෂඥයන් සමඟ සාකච්චා කළ ඇය ට  තම අවශ්‍යතා වලට හොදින්ම ගැලපෙන ආකාරයට Ignore No More එළිදක්වන්න පුළුවන් වුණා...

නිපැයුම් කරුවන් පවසන ආකාරය ට ඔබ ඔබේ දරුවාගේ SmartPhone දුරකථනය ට  Ignore No More මඟින් අගුළු දැමූ පසු ඔහුට හෝ ඇයට ඇත්තේ විකල්ප දෙකයි..ඒ ඔබට ඇමතුමක් ගැනීම හෝ හදිසි ඇමතුම් අංකය ඇමතීම පමණයි..

අපේ අය්යල අක්කල ගැන ගොඩක් කනස්සල්ලෙන් ඉන්න අම්මලට නම් මේක ගොඩක් හොද ආරංචියක්..එත් ඉතින් මේක ගැන අදහස ආපු Standifird මහත්මියගේ පුතා වගේ දඩබ්බර පුතාල නම් මේක ගැන  එච්චර සතුටු නෑ කියලා තමයි අහන්න ලැබෙන්නේ...

මේක අත්හදා බලන්න ඕන අම්ම කෙනෙක් ඉන්නවනම් ඩොලර් 1.99 වැනි මුදලකට Android App Store වෙතින් ලබාගන්න පුළුවන්!