Saturday, January 24, 2015

ඉදිකිරීම් ක්ෂේත්‍රයට රොබෝ drone යානා



ස්විස්ටර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් පිරිසක් සාමාන්‍ය ආකාර වලින් ළඟා වීමට අසීරු උසින් වැඩි ස්ථාන වල ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට හැකි  රොබෝ යානා විශේෂයක් නිෂ්පාදනය කර ඇත.

රැහැන් මුලාශ්‍ර කරගෙන සිදුකරන ඉදිකිරීම්  සඳහා මේවායේ සහය ලබාගත හැකිවේ.යානයේ මැද කොටසේ අවශ්‍ය රැහැන් දඟරයක් ඇති අතර යානයේ භ්‍රමණය වීම සහ ඕනෑ ම දිශාවකට සිදුකරන චලන මඟින් මකුළු දැල් බඳින ආකාරයට ඒවා විවීම සිදු කරයි.භූමිය සමඟ කිසිදු ආකාරයක භෞතික සම්බන්ධතාවක් නොමැති බවත්, එම නිසා යන්ත්‍රයට පවතින ගොඩනැගිලි අංගෝපාංග තුලට,ඒවා වටා ආදී වශයෙන් අවශ්‍ය ඕනෑම ස්ථානයකට ගමන් කිරීමට  අවකාශය පවතින බව පර්යේෂකයන් පවසනවා. ඒවායේ කටයුතු සඳහා අවශ්‍ය සියළු විධාන පාලක පරිඝනක යන්ත්‍රයක් හරහා ලබාදේ.

ඉතාමත් උසින් වැඩි ගොඩනැගිලි අතර පාලමක් හෝ එවැනි ආකාරයේ සම්බන්ධතාවක් වැනි යමක් ඉදිකිරීමට මෙම තාක්ෂනය යොදා ගත හැකි වේයැයි ඔවුන්  විශ්වාසය පලකරනවා.මේ වන විට යම් යම් සිමාකාරී තත්වයන් පැවතියත් ගුවන්ගත රොබෝ  තාක්ෂණයේ ප්‍රගමනයත් සමඟ එම තත්වයන් මඟ හැරෙනු ඇති බවයි පැවසෙන්නේ.



No comments:

Post a Comment