Saturday, January 24, 2015

ඉදිකිරීම් ක්ෂේත්‍රයට රොබෝ drone යානා



ස්විස්ටර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් පිරිසක් සාමාන්‍ය ආකාර වලින් ළඟා වීමට අසීරු උසින් වැඩි ස්ථාන වල ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට හැකි  රොබෝ යානා විශේෂයක් නිෂ්පාදනය කර ඇත.

රැහැන් මුලාශ්‍ර කරගෙන සිදුකරන ඉදිකිරීම්  සඳහා මේවායේ සහය ලබාගත හැකිවේ.යානයේ මැද කොටසේ අවශ්‍ය රැහැන් දඟරයක් ඇති අතර යානයේ භ්‍රමණය වීම සහ ඕනෑ ම දිශාවකට සිදුකරන චලන මඟින් මකුළු දැල් බඳින ආකාරයට ඒවා විවීම සිදු කරයි.භූමිය සමඟ කිසිදු ආකාරයක භෞතික සම්බන්ධතාවක් නොමැති බවත්, එම නිසා යන්ත්‍රයට පවතින ගොඩනැගිලි අංගෝපාංග තුලට,ඒවා වටා ආදී වශයෙන් අවශ්‍ය ඕනෑම ස්ථානයකට ගමන් කිරීමට  අවකාශය පවතින බව පර්යේෂකයන් පවසනවා. ඒවායේ කටයුතු සඳහා අවශ්‍ය සියළු විධාන පාලක පරිඝනක යන්ත්‍රයක් හරහා ලබාදේ.

ඉතාමත් උසින් වැඩි ගොඩනැගිලි අතර පාලමක් හෝ එවැනි ආකාරයේ සම්බන්ධතාවක් වැනි යමක් ඉදිකිරීමට මෙම තාක්ෂනය යොදා ගත හැකි වේයැයි ඔවුන්  විශ්වාසය පලකරනවා.මේ වන විට යම් යම් සිමාකාරී තත්වයන් පැවතියත් ගුවන්ගත රොබෝ  තාක්ෂණයේ ප්‍රගමනයත් සමඟ එම තත්වයන් මඟ හැරෙනු ඇති බවයි පැවසෙන්නේ.



Friday, January 23, 2015

A chair that folds down to the size of a beer can

බියර් කෑන් එකක් ගානට හැකිලෙන පුටුවක්





ඩෙන්මාර්ක් ජාතික ව්යවසායකයින් දෙදෙනකු එළිමහන් සංගීත ප්‍රසංගයක පැය ගණනක් සිටගෙන සිටින අතර වාරයේ මෙවැනි අවස්ථාවකට ගැලපෙන පුටුවක් ගැන සිතන්නට පටන් ගෙන තිබෙනවා.හකුලාගෙන තැන තැන රැගෙන  යා හැකි පුටු වර්ග සාමාන්‍ය භාවිතයේ තිබෙන නමුත් ඒ  කිසිවක් මෙවැනි අවස්ථාවකට නොගැලපේ.සාමාන්‍යයෙන් එවැන්නක් රැගෙන යන්නාත් සමච්චලයට ලක්වී පුටුවත් කුණු කූඩෙට දමා එන්නට සිදුවෙනවා නොඅනුමානයි. 

ඒ අනුව නිර්මාණය වූ මෙම පුටුව බැලූ බැල්මටනම් පුටුවක් වගේ නෙවෙයි.බියර් කෑන් එකක ප්‍රමාණයට හකුලාගෙන සාක්කුවේ ගෙන යන්නට හැකි ආකාරයෙන් මෙය නිමවා තිබෙනවා.දිගුවේලාවක් හිටගෙන සිටීමට වෙන ඕනෑම අවස්ථාවක මෙය බෙහෙවින් ම උපකාරී වෙනු ඇති බව නිර්මාපකයන්ගේ අදහසයි.විශේෂයෙන් පෙම්වතිය එනතුරු තැන් තැන් වලට වෙලා මඟ බලන් ඉන්න අපේ යාලුවන්ටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.  :D